468x60 Ads

Friday, August 31, 2012

තම සිරුරට ගිනි තබාගෙන නොසෙල්වී සිටි හිමියන්

'

 තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්.

ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය.

ඉන් අනතුරුව වයස අවු 15 දී සාමනේරකෙනෙකු ලෙසින් පැවිදි ජීවිතය ආරම්භකර සිය නම තිච් ක්වාන්ග් ඩුක් ලෙසින් වෙනස්කර ගත්තෝය. වයස අවු 20 දී උපසම්පදාව ලත් ක්වාන්ග් හිමියන් ඉන් අනතුරුව Ninh Hòa කදු ආසන්නයේ වනගතව භාවනාවට යොමුවිය. ඉන් අනතුරුව හෙතෙම සිය මුළු ජීවිතයම බෞද්ධ සමය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලෝය.

වසර 1950, 1960 වියට්නාමයේ බෞද්ධ ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් විය. ඒ වන විට වියට්නාමයේ බෞද්ධ ජනතාවට එරට රෝමානු කතෝලිකයන්ගෙන් සිදුවන හිරිහැර එන්න එන්නම වැඩි විය. රෝමානු කතෝලික පල්ලි වියට්නාමයේ බිම් අත්කර ගනිමින් අන්‍යාගමික කරනය දැඩි විය.

1963 වසරේ වෙසක් දිනය තුළ බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ තහනමක් හා ඒ වෙනුවට වියට්නාම ධජය භාවිතා කිරීමට එරට රෝමානු කතෝලික අගරදගුරුගෙන් යෝජනාවීමත් සමග වියට්නාම බෞද්ධ ජනතාව පාරට බැස සිය අප්‍රසාදය පලකිරීමට පෙලඹිය. මේ සටනේදි පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ශයට පත් විය.

තත්වය මෙසේ තිබියදී ක්වාන්ග් හිමියන් පෙරමුන ගත්තෝය. හෙතෙම වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැරවලට විරෝධය පාමින් 1963 ජූනි 11 දින වියට්නාමයේ කාම්බොජ තානාපති කර්යලය සල කවාන්ග් හිමියන් භාවනායෝගී ඉරියව්වෙන් හිද සිය සිරුරට ගිනි තබාගෙන වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් සිය ජීවිතය කැපකලෝය. සිද්ධිය සිදුවන අවස්තාවේ එතැන සිටි ද නිව්යෝක් ටයිම් පුවත් පතේ පුවත්පත් වාර්තාකරුවෙක් වූ ඩේවිඩ් හැල්බ'ස්ටන් මෙසේ සදහන් කර තිබිණි.
"මම ඒ දර්ශනය දුටිමි. සිරුරෙන් ගිනිදළු නැගිනි. ඔහුගේ ශරීරය මලානිකව වෙව්ලීමට පටන් ගත්තේය. හිස කලු වීමට ඇරභිනි. වාතය මස් පිලිස්සෙන් ගදින් යුක්ත විය. මිනිස් සිරුර ඉතා ඉක්මනින් දැවිනි. වියට්නාමීන්ගේ විලාපය මට ඇසිනි. මම හැඩීමට නොහැකි තරම් කම්පනයටත්, ව්‍යාකූලත්වයටත් පත් වීමි. ඔහු දැවෙන තුරුත් කිසිදු විලාපයක්, එකදු මාංශ පේශියක චලනයක් වත් සිදු නොවීය."

දැවීමෙන් අනතුරුව බෞද්ධයන් ඔහුගේ අළු ඉවත් කිරීමේදී පුදුමයට පත්විය. ඒ ඔහුගේ හදවත නොදැවී පැවතීමය. (දකුණු පස රූපය) ඉන් අනතුරුව ඔවුන් එම හදවත තැන්පත් කට එම ස්ථානයේ ක්වාන්ග් හිමියන් වෙනුවෙන් ස්මාරකයක් සාදා වියට්නාම බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල හිමියන් වෙනුවෙන් ගරු කරති.

Wednesday, August 29, 2012

ඇදුම් සදහා වර්ණ ගැලපීම

'
 
 
 
 

ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැ‍ලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ.

වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට ‍රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Color wheel එකේ යාබද වර්ණ හොඳින් ගැලපෙන අතරෙ විරුද්ධ වර්ණ නිවැරදිව භාවිතා ක
ලොත් ගලපගන්න පුළුවන්. ප්‍රධාන දේ මේකයි. වර්ණ ගලපන අතරෙ එම වර්ණ වලම ලා සහ තද වර්ණ අතර වෙනසක් පෙන්වන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට තද නිල් ඩෙනිම් කලිසමක් සහ කහ පාට ටී ෂර්ට් එකක්.

තවත් දෙයක් සාමාන්‍යයෙන් කළු, සුදු සහ අළු පාට වෙනත් ඕනෑම වර්ණයක් සමඟ ගැලපෙනවා. මේවා හඳුන්වන්නේ neutral colors ලෙස. ඔබේ ඇඳුමේ මූලික කොටස් මේ neutral colors වලට අයත් නම් දීප්තිමත් වර්ණයක් තෝරාගන්න ඔබට හැකියාව තියනවා. උදාහරණයක් විදියට කළු කබායක් සහ කලිසමකට සුදු කමිසයක් සහ රතු ටයි පටියක් ගැලපෙනවා.

මී ළඟට ඔබේ සමේ වර්ණය වැදගත්. ඔබේ සමේ වර්ණය අඳුරු නම් ලා පැහැති දීප්තිමත් වර්ණයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි. ඔබ ගොඩක් සුදුයි නම් ඉතාමත් අඳුරු වර්ණ වලට නොයා ලා පැහැති සහ මඳක් තද පැහැති වර්ණ තෝරා ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සුදු කමිස හෝ ටී ෂර්ට් ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා.

කලිසම් තෝරන විට ඉතාත්ම වර්ණවත් කලිසම් තේරීමෙන් වලකින්න. ඇඳුමක ඇස යායුත්තේ කලිසමට නෙමේ. කලිසම් සඳහා neutral colors හෝ තද නිල්, කාකි වැනි අඳුරු පැහැයට බර වර්ණ පමණක් තෝරාගන්න නිතරම උත්සාහ කරන්න.

ඒ වගේම දේශගුනය අනුව වර්ණ තෝරාගැනීමත් වැදගත්. දවසේ උෂ්නත්වය ඉතාමත් අධික නම් සුදු හෝ ලා වර්ණ ඇඟලා සිටීම ඔබේ දෛනික වැඩකටයුතු වලදී වඩාත් පහසුවක් වේවි.

ඔබේ උපන් දවසෙන් ඔබ ගැන කියන දේ

;
 
 
 
 ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. ඍජු, අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස සැලකිය හැකිය.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 5 වන දා නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසුය.

මාසයේ 6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටම අවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම් සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

ඔබේ උපන් දිනය යෙදී ඇත්තේ 7 වන දා ද?
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

ඔබ උපන්නේ මාසයේ 8වන දින නම්,
ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරු කිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය හැකිය. කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි. සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමට ඔබ පෙළඹේ. ද්‍රව්‍යමය අතින් ඉතා ඉහල දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

මාසයේ 9 වන දින උපත ලැබූ ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ, නිර්ලෝභී අයෙකු නිසා පහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. අන්‍යයන්ගේ අවශ්‍යතා හා අදහස් වලට සංවේදී අයකු වන ඔබ ඉතා කරුණාවන්තය.

ඕනෑම මාසයක 10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබ සංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප අවස්ථාවකදීම ඔබට නායකත්වයට පත්වීමේ අවස්ථාව ඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමග ඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ පරීක්ෂාකාරී, සංවේදී, මනෝධීන අයකු ලෙසද හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන අතර ව්‍යාපාර වැඩකටයුතු සිදුකිරීමේදී විවිධ ගැටළු වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේ දියුණුව සදහා යොදා ගත හැකිය.

මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප්‍රවනතාවක් ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදී ක්ෂේත්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප්‍රශ්න පිළිබදව ආකූලතා ඇති කර ගැනීමට පෙළඹේ. ප්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේමණීය, හිතෛෂි අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම් සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදි යයි සිතා සිදු කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 14 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසු වේ.

ඔබ උපන්නේ 15 වන දින නම්,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත් සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි.

16 වන දින උපත ලැබූ ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි, ස්ථීර, පහසුවෙන් නො‍නැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබ දැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය. මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන යාම ඔබට අපහසුය. නමුත් බාහිර පුද්ගලයන් හට පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු ලෙසය. තාක්ෂණික අංශය, විද්‍යාත්මක විෂයයන්, ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතා හැගීම්බර අයෙකි. නමුත් ඒ බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු කරන්නේ නැත. මේ නිසා ආදරය ප්‍රකාශ කිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම් දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

ඕනෑම මාසයක 17 වන දිනයේ උපන් ඔබ,
මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17 යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබ සාමාන්‍යයෙන් අවංක, ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට ‍මෙම දිනයේ උපන් අයට හැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත් අපරික්ෂාකාරී වීම නිසා ආදර කටයුතු සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය.

මාසයේ 18 වන දින උපත ලැබූ ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ. මානවවාදී, පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ ඔබගේ හැගීම් ප්‍රදර්ශනය කරන අයකු වූවත් සමහර විට ඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

ඔබ ඉපදුනේ මාසයේ 19 වන දින නම්,
ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දිනයේ උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන් උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර විටෙක අධෛර්ය්‍යට පත් වීම හා නොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක. ජීවිතයේ කිහිප විටකම මෙවැනි බිදවැටීම් දක්නට ලැබේ.

ඔබ 21 වන දින උපන්නේ නම්,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප්‍රායෝගිකය. නමුත් බාහිර ප්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය. කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ඔබ ඉතා හොද සංවිධායකයෙකි. චිත ඇදීම සදහාද රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයට පත් වීමට ඉඩ ඇත.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

24 වන දා උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරී අවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබ පරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි. ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.

ඔබ උපන්නේ මාසයේ 25වන දින නම්,
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන් සිටියි. ඔබ මුදල් භාවිතයේදී කාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩ ගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප්‍රායෝගික මෙන්ම තාත්වික ඒවාය. ද්‍රව්‍යමය අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

ඔබ උපන්නේ 29වන දින නම්,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදී අයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර විටෙක අකාර්‍යක්ෂම අයෙකු ද වේ.

ඔබ ඉපදුනේ 30 වැනිදා නම්,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන ඔබ ලේඛණය සදහා විශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබට සාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම සාධාරණ පැත්ත ගැනීමට යොමුවේ.

ඔබ උපන්නේ මාසයේ 31 වැනිදා ද?
හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉහල දියුණුවක් ලැබිය හැකිය. දැඩි කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක් නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව ඇත. ප්‍රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද සැලකිය හැකිය. සමහර විටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත් සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි. සංචාරයට කැමති ඔබ තනිවී ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන නිසා දියුණුවට පත් විය හැකිය.

Friday, August 24, 2012

රාවණා යනු කවරෙක්ද?

 
රාවණා යනු කවරෙක්ද?

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ.

රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත, ජනප්‍රවාද ආදී ජන සාහිත්‍යය ඇසුරිනි.

කුවේර, රාවණා සහ විභීෂණ නමැති සහෝදරයන් තිදෙනා විශ්‍රාවස්ගේ පළමු වන භාර්යාවගේ දරුවෝ ය. පියාගේ ඇවෑමෙන් මෙම දරුවන් තිදෙනාට අත්වන්නට තිබූ යසශ්වෛර්යය ප්‍රමාණ කළ නොහැකි විය. විශ්‍රාවස්ගේ දෙවන භාර්යාව ද කෛකසී මෙම හේතුවෙන් කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් වෙළුණාය.

කෛකසීට අවශ්‍ය වූයේ එම යසස්වෛර්යය සිය කුසින් බිහිවූ දරුවන්ට උරුම කර දෙන්නටය. මේ ගැන සිතා උපායක් කල්පනා කළ කෛකසී ඔවුන් කඨෝර වූ තපසට පිටත් කර යවා ඒ අතර රාජ්‍යය සිය දරුවන්ට උරුම කරවා දෙන්නට උපායක් යෙදුවාය. එම උපායට විශ්‍රාවස් රැවටුණේය.

රාවණාට උපතින්ම හිස් දහයක්, නෙත් විස්සක් සහ අත් විස්සක් ද විය. එබැවින් රාවණා ‘දශානන’ යයි ද ‘දසිස්’ යයි ද නම් ලැබුවේය. එහෙත් විද්වතුන් පවසන්නේ රාවණාට හිස් දහයක් තිබූ කතාව නොවේ. ශක්තිවන්ත පුද්ගලයන් දස දෙනෙකුගේ හෙවත් උසස් වර්ගයේ හස්තියෙකුට ඇති ශක්තියට සමාන ශක්තියක් තිබූ බවය.

උග්‍ර තවුස් දම් රැකීමේ හේතුවෙන් මහා බ්‍රහ්මයා කුවේර, රාවණා සහ විභීෂණ කෙරෙහි තදින්ම පැහැදුණේය. ඒ හේතුවෙන්ම කැමැති වරයක් ඉල්වන්නැයි රාවණාට දැනුම් දුන්නේය.

එවිට රාවණා ඉල්ලා සිටියේ අමරණීයව විසීමට හෙවත් කිසි කලෙකත් නොමැරී ජීවත්ව සිටීමට හැකි වරයකි. මහා බ්‍රහ්මයා ඊට එකඟ නොවීය. එවිට රාවණා මිනිසුන්, වානරයන් ආදී සාමාන්‍ය අයගෙන් නොව දේව, අසුර ආදී මහා බලසම්පන්නයන් අතින් නොමැරී සිටීමටත් පරාජය නොලබන්නටත් වරයක් ඉල්ලුවේය. එය ‘අජෙය’ වරයකි. ඊට මහා බ්‍රහ්මයා එකඟ විය.

මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය.

මය නමැති යක්ෂ ගෝත්‍රිකයාගේ දියණිය වූ මන්දෝදරී කුමරිය සරණපාවා ගත් රාවණාට මේඝනාද, අක්ෂය යනාදී වශයෙන් පුතුන් රැසක්ම සිටි බව කියනු ලැබේ.

දිග් විජය හෙවත් රාජ්‍යයන් සමඟ යුද්ධ කොට එම රටවල් අල්ලා ගැනීමේ යෙදුණු රාවණා මිහිපිට වූ සියලු රාජ්‍ය අත්පත් කර ගත්තේය. මුළු පොළෝතලයම පාලනය කළ රාවණා සක්විති රජෙකි.

මිහිතලය ජය ගැනීමෙන් නොනැවතුණු රාවණාට දෙව්ලොව ද අල්ලා ගැනීමට සිත් විය. මෙම අරමුණ ඇතිව සිය පුත් මේඝනාද ද සමඟින් දෙව්ලොවට ගොස් යුදකොට දෙව්ලොව දෙවියන් පරදා දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍රයා ද සිරභාරයට ගන්නට රාවණාට හැකි විය. රාවණාට ‘ඉන්ද්‍රජිත්’ යන නම්බුනාමය ලැබුණේ එබැවිනි.

මිනිස් ලොව, දෙව්ලොව ආදිය ද පාලනය කරන්නා වූ රාවණා බලයෙන් උදම්ව දුරාචාර ක්‍රියාවන්හි යෙදුණු බවත් සුර – අසුර කන්‍යාවන් බලෙන්ම කෙළෙසූ බවත් ‘රාමායනය’ පවසයි. එසේ වුවද, මිනිස් ලොව ද, දෙව් ලොව ද රාවණා දුටු රූපශ්‍රීයෙන් අගතැන්පත්ම කාන්තාව වූ සීතාදේවිය පැහැරගෙන ආ රාවණා ඇයට කිසිදු බලහත්කාරකමක් නොකිරීම හේතුවෙන් ඔහු ස්ත්‍රී දුරාචාර ක්‍රියාවන්හි යෙදුණේය යන රාමායන ප්‍රකාශය අසත්‍යයක් ද විය හැකිය. ඒ හේතුවෙන්ම රාවණා පරමාදර්ශී රජෙකු ද වන්නේය. රාම ඉදිරියේ අග්නි පූජාවට බඳුන් වීමෙන් සීතා සිය පතිවෘත්තා බලමහිමය ද විදහා පෑවාය.

ලංකාධිපති වූ කුවේර බලයෙන් පහකොට රාවණා ලංකා රාජ්‍යය සිය අණසක යටතට ගත්තේ කුවේර අධික සැප සම්පත් විඳිමින් බලය අයුතු ලෙස පරිහරණය කරද්දී ජනතාව අන්ත දුගී දුප්පත් භාවයට පත්වීමේ හේතුවෙනැයි කියනු ලැබේ. රාවණා ලංකා රාජ්‍යය සත් රුවනින් පිරවූ බව කියනු ලැබේ. රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද කෙළ පැමිණියෙකි. ලංකාව පුරා ඔහුගේ ඔසු උයන් පැවති අතර රිටිගල, ලග්ගල, හග්ගල, රූමස්සල, දොළුකන්ද යනු ඉන් කීපයක් පමණි. මේවා දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් පිරී පවතී.

රාවණා වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණයා සේම වටිනා වෛද්‍ය ග්‍රන්ථ රැසකම කර්තෘවරයා ද වෙයි. නාඩි පරීක්ෂා, අර්ක ප්‍රකාශ, රස රත්නාකරය, උඩ්ඩිස චිකිත්සා, කුමාරි තන්ත්‍රය, ඔඩ්ඩිස චිකිත්සා, වටිකා ප්‍රකරණය යනු ඔහු ලියූ වෛද්‍ය ග්‍රන්ථයන්ගෙන් සමහරකි.

සිය දේවිය වූ මන්දෝදරීගේ දොළදුක් සංසිඳවනු පිණිස ද රාවණා වටිනා වෙද පොතක් ලීවේය. බාල දරුවන්ගේ වෙද පොත නම් වූ එය ‘කුමාර හෘත් චිකිත්සාව‘ නම් වෙයි. එම හේතුවෙන් රාවණා පිරිපුන් මානව දයාවෙන් යුත් පුද්ගලයෙක් ද වෙයි. විවිධ යාග-හෝම සඳහා ගැනීමට දඹදිව බමුණන් බැඳගෙන සිටි සතුන් මුදාහළ රාවණා උපරිම සත්වකරුණාවෙන් යුත් අයෙක් ද විය. රාම-රාවණා යුද්ධය අතරතුර තුවාල වී යුදබිම ඇදවැටුණු රාම – ලක්ෂමණ දෙදෙනාට රාවණා සියතින්ම බෙහෙත් බැන්දේය. ඔහු සංගීත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියෙකි.

දඹදිව අයෝධ්‍යා පුරයේ රාමගේ රූමත් බිරිය සීතා දේවිය බලහත්කාරයෙන් පැහැර ගැනීම හේතුවෙන් රාවණා දුෂ්ට රජෙකැයි ප්‍රකට විය. රාවණා සීතා පැහැර ගත්තේ ඇයගේ රූපශ්‍රීයට වශීවීම නිසා යයි රාමායනය පැවසුවත් සිය නැඟනිය වූ සුර්පනකාට රාමගෙන් සිදු වූ අතවරයක් හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම් වස් ය ඇය පැහැර ගත්තේ.

සුර්පනකා නිතරම මෙන් දඹදිව අයෝධ්‍යාව ආසන්නයේ ගැවසුණාය. ඇය දුටු රාම තුළ ඇය කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. එහෙත් සුර්පනකාට රාම හා එක්වීමට බාධකය වූයේ සීතාය. සීතා මරා දමන්නට සුර්පනකා උපායක් යෙදුවාය. ඒ දුටු ලක්ෂමණ සිය හීයෙන් සුර්පනකාට විද්දේය. හී පහරින් සුර්පනකාගේ නාසය ද කනක් ද කැපී ගියේය. වැගිරෙන ලේ සහිතව සුර්පනකා මෙම අවනඩුව සිය සොහොයුරාට කීවාය.

මෙයින් කෝපත් වූ රාවණා අයෝධ්‍යාවට ගියේ සීතා පැහැරගෙන එන්නට නොවේ. රාමගෙන් පළිගන්නටය. එහෙත් රාම එහි නොසිටීම හේතුවෙන් රාවණා සීතා පැහැරගෙන ආවේය.

පරමාදර්ශී රජෙකු වූ රාවණාගේ ජීවිතයේ අවසාන වචන කීපය ඔහුගේ දුරදක්නා නුවණ මොනවට ප්‍රකට කරයි. රාමගේ හී පහර වැදී රාවණා යුද බිම ඇද වැටුණේය. එවිට රාම සහ ලක්ෂමණ දෙදෙනාම රාවණා ආසන්නයට ගියහ. ඔවුන් දෙස බැලූ රාවණා මෙසේ ප්‍රකාශ කළේය.


කුමාරවරුනි!
යම් කාර්යයක් උතුම් යයි වැටහේද,
එය නොපමාව කළ යුතුය.
යම් කාර්යයක් අලසකමින් අතපසු වන්නේ ද,
එය අවසන් වන්නේ ද නොවෙයි.
එහෙත් අකැමැත්තක් ඇති වුවත්
අසුබ කාරණය නම් අතපසු කළ යුතුමය.



Thursday, August 23, 2012

බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන්

'
 
 
 මෙතෙක් රහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුද්ධ ධර්මය උන්නතිය සදහාය

Area 51 හි අබිරහස...

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේචක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වීතිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස්
වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණඑක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදාකඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත්ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතරඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන්බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්දවෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරටඑහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණවේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින්දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යනනාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝමාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්වරහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධකේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙයඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින්සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑමශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළනොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස්කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක්ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බවසැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමිකදිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලාගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබටවැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැරග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහාපඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින්බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේකියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි"ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දුවූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය.නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන්උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍රදේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි.උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන්දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද"බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම්දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වාතළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ"නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහුඋන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේදමෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත්වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුකවිනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේරනම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීමපිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟාගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලයසහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයාරජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂමිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනයපුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළුකාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේඅනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැතිබවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්"සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන්හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහුයම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකවහමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැනයමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකමමිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණයනොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම වියයුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධවිවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක්පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේඅල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත්වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?
"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමදමිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූසංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාමවාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්"දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙසපොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධයකුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන්නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත්කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදීවැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි..
එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින්අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත්කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින්නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේපෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත්විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනසඅනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයටක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාමවාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවයසැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාරගමනයි....
එසේ නම් " සාර සංඛෙ‍ය කල්පලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසිකපරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්"නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම්දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය"වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍රබැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩානොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියනගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවීවිශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණනතව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාසබ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තරසඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවිතළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒතැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙසඅමතති..
 

රාවණා රජු

'
 
 
 රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි.

සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා වලින් කියවා ඇති. එසේනම් එවන් ශ්‍රේෂ්ට ජාතියකට අතිශය දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබුණ බවත් අරුමයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවූ ආකාරයට එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ කෝච්චි වලට වඩා අතිශය දියුණු කෝච්චි, රාවණ රජතුමාගේ ලංකාපුර රාජධානියේ තිබී ඇති බව දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. වර්ගපූර්ණිකාවේ බ්ලොගයේ මේ ලිපිය දිවෙන්නේ අපෙන් සැඟවූ ඒ රාවණ තාක්ෂණය සොයමිනි.
මීට මාසයකට පමණ පෙර පෙට්ටිපොළ ප්‍රදේශයේ ඉතාමත් රහසිගතව කරන ලද කැණීමකදී ඉපැරණි ලෝහමය වස්තුවක් හමු විය. එය දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 10 ක් පමණ සහ උසින්ද අඩි 10 පමණ විය. එය ඇතුළත කුහරයකි. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වී ඇත්තේ එය කෝච්චි මැදිරියක් බවයි. වැඩිදුරටත් පෙට්ටිපොළ ප්‍රදේශයේ කරන ලද ස්කෑන් කිරීම් වලදී පැහැදිළි වූයේ එවන් වස්තූන් තිහක් පමණ පොළොව අභ්‍යන්තරයේ මීටර් 400 කට පමණ යටින් ඇති බවයි.

අවසානයේදී එම කෝච්චි පෙට්ටිය කන්ටේනරයක බහා එංගලන්තයේ ලන්ඩන් සරසවියට යවා ඇත. ඊට හේතු ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එය සංරක්ෂණය කිරීමට බවයි. කඳින් හෙළදිවේ ජීවත් වුවත් හිතින් එංගලන්තයේ සිටින පරයින් අපගේ හෙළ ඉතිහාසයෙන් මතුවෙන වසර 35000 ක් පමණ පැරණි පාහියංගල ඇටසැකිල්ලක් පවා එංගලන්තයට යවද්දී කෝච්චි පෙට්ටියක් තියා ගනීවිද? අවසානයේදී අර ඇටසැකිල්ල එතරම් පැරණි නැති බවට කෙප්පයක් ගොතා කීමට ඉඩ තිබෙන අතර, කෝච්චි මැදිරියත් සුද්දන්ගේ කාලයේ එකක් බවට ගල් පැලෙන බොරුවක් කියාවි.

පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙටිටිය එංගලන්තයට යැවීමට පෙර කරන ලද පරීක්ෂණ වලට අනුව එය වසර ලක්ෂයකට වඩා පැරණියි. එසේම එය සාදා ඇති ලෝහය මෙතෙක් පෘථිවියේ ඇතැයි හඳුනාගත් ලෝහ වර්ගයක් නොවේ., ඒ අනුව හෙළයින් පිටසක්වල තාක්ෂණය භාවිතා කළ බවට නැවතත් ඔප්පු වෙයි. එසේම පෙට්ටිපොළ භූගතව ඇතැයි සැලකෙන කොච්චි පෙට්ටි අතර කෝච්චි එංජිමක්ද තිබූ අතර වැඩිදුරටත් ස්කෑන් කිරීමේදී, එය වර්තමානයේදී ධාවනය වන කෝච්චි එංජින් මෙන් නොව Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රසදිය යොදා ධාවනය කරන ලද්දක් බව පැහැදිළි විය. නමුත් අපගේ ඒ හෙළ තාක්ෂණය සහමුලින්ම වළලා දැමීමට බලධාරීන් කෲර වූයේ රාවණ රජතුමා කෙරෙහි ඇති ද්වේශය නිසාම නොවන්නේද?

පෙට්ටිපොළ නැමති ප්‍රදේශයේ සිටින වයෝවෘද්ධ ගැමියෙක් වන කළු ආතා නොහොත් හර්මානිස් අප්පුහාමිට අනුව පෙට්ටිපොළ ප්‍රදේශයේ රාවණා රජුට අයත් අබලන් වූ කෝච්චි පෙට්ටි ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් තිබී ඇත. මෙවන් ජනප්‍රවාදයන් ඉබේ ඇති වන්නේ නැත. පෙට්ටිපොළ යන නම දෙස මොහොතකට බලමු. පෙට්ටි+පොළ, යනු කෝච්චි පෙට්ටි නවතා තිබූ පොළ මිස අන් කවරක්ද? (වා+රිය+පොළ යනු දඬුමොණර යාත්‍රාංගනයක් වූවා සේ).

අතීතයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ කෝච්චි නැවතුම් පොළක් තිබූ බව දැන් අනාවරණය වී තිබේ. මැදිරිගිරිය යන්නේ පද නිරුක්තිය වන, මැදිරි=දුම්රිය මැදිරි, ගි=ගිය, රිය=රථය , අනුව එදා දුම්රිය මැදිරි හෙවත් කෝච්චි ගමන් කළ ප්‍රදේශයක් බව තහවුරු වෙයි.

ලොව ඉපැරණිම බස වන්නේ හෙළ බස බවත්, යුරෝපීයයන්ගේ ඉංග්‍රීසි බස පසුව පැමිණි බසක් බවත් ඔබ හොඳාකාරවම දනී. යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව කලින් වාක්‍යය පදනම්ව සිතාගැනීමට පුළුවන. ඒ අනුව සුද්දන්ට පෙර කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.

අතීතයේ හෙළ දිවේ පොත් ගුල් වල තිබූ හෙළ පුස්කොලපොත් පෙරළා සිය මව් රටට ‍රැගන ගිය සුද්දන් ඒවායෙන් කෝච්චි තාක්ෂණය සොරාගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොතක් වන කෝමාණශ්‍රාස්ත්‍රයේ රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි.

කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. කෝමාණශ්‍රාස්ත්‍රයට අනුව එදා කෝච්චි ගොස් ඇත්තේ පොළොවට අඩියක් පමන ඉහළිනි, ඒ ප්‍රතිගුරුත්ව තාක්ෂණය භාවිතා කිරීමෙනි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.

මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි විකුණන කඩයක් එම ප්‍රදේශයේ තිබී ඇත. ඒ බව ප්‍රදේශයේ තාමත් සිටින ඉපැරණි පුද්ගලයින් ජනකතාවක් ලෙස පවත්වාගෙන යයි.


මා හිතවත් මාරයා බ්ලොග් කරුවාගේ මිත්‍ර තාපස තුමෙක් කුණ්ඩලීනී යෝගයට සමවැදී බැලූ කල්හි පෙනී ගොස් ඇත්තේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය. ඔහු පවසන පරිදි එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්, විකිණීම කළෙත් අප හෙළුවන් විසින්ය. කොච්චිකඩේ ලෙස ඉහත දැක්වූයේ අද කොළඹ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ එකල තිබූ එම කෝච්චි අලවි සැලයි. තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළදිවෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය. එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චිකඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය. ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා හෙලි කිරීමට අප කටයුතු කරන්නෙමු.

රාවණා රජතුමාගේ සමයේ තිබූ කෝච්චි කඩ වල කෝච්චි අලෙවිය සඳහා සිටි වෙළඳ සේවකයින් වෙනමම විශේෂීකරණය වූ කුලයක් ලෙස හැඳින්වුණි. ඔවුන්ට "කෝච්චි මිනිසුන්" නම් විය. අදටත් ඔවුන්ගෙන් පැවත එන්නෝ සිටින අතර ඔවුහු අද හැඳින්වෙන්නේ "කොච්චි මිනිසුන්" ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිටීමෙන් මෙය තවදුරටත් පැහැදිළි වෙයි.

එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තො‍ටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ කෝච්චි විකිණීමේ කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චි කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.

රාවණ රජතුමාගේ කෝච්චි Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රේල් පීළි නොමැතිව පොළොවෙන් අඩියක් පමණ ඉහලින් ගමන් කළ බව කලින් පැවසුවෙමි. විශේෂත්වය වන්නේ ඒවා මහ මග ගමන් කිරීමයි. ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී. මේ බව ඉපැරණි පුස්කොළපොත් වල සඳහන් වී තිබේ.

අදටත් සුද්දන්ගේ දුම් කෝච්චි වල හූ නාදයක් ඇසෙන්නේ, අපගේ පැරණි හෙළ පුස්කොළපොත් වලට අනුව ඒවා ගොඩ නැගීමේදී නියමාකාරයෙන් MVE හඳුනාගැනීමට නොහැකි වුවත් සම්ප්‍රදායට ගරු කළ යුතු නිසාවෙනි.

අද කාලයේ පවා කෝච්චියේ තියා බස් වල පවා යන කොල්ලන් ජනාකීර්ණ ප්‍රදේශයක් දු‍ටු විට හූ තියන හැටි ඔබ දැක ඇති. ඔවුන් එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ හෙළ යක් ලේ ධාතුව තුළ අර පැරණි හෙළයින් කෝච්චියේ යන විට හූ තැබූ ආකාරය සටහන්ව ඇති නිසයි. නමුත් නාගරික ලුම්පත් පන්තියට අයත් කොල්ලන් එලෙස නොහැසිරෙන්නේ ඔවුන්ට හෙළයින්ගේ ලේ නොමැති නිසාවෙනි. එනිසා බස් වල කෝච්චියේ යන විට ජනාකීර්ණ ප්‍රදේශ වලදී හූ තියන කොල්ලන් දැක ඔවුන්ට පරිභව නොකරමු.

එසේම අතීතයේ හෙළුවෝ කෝච්චියේ යන විට පාරේ යන මගීන්ට අනතුරු ඇඟවීමට හූ කිව්වා කී ගමන් ඔබට මුවගට සිනහ නැගෙන්නේ එය නුසුදුසු දෙයක් බව සමාජගතවී තිබෙන නිසයි. නමුත් එදා වුන් කිසි සේත්ම කෝච්චි තුළ ගීත ගායනා නොකළ නිසා ඔවුන් දැනගත්තානම් අනාගත පරම්පරාව කෝච්චි වල බස් වල යනකොට සින්දු කියන බව, ඔවුන් බඩ අල්ලාගෙන හිනා වෙනු ඇත.

"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි. නමුත් නිර්ලජ්ජිතව අද බොහෝ උගතුන් යැයි කියාගන්නා මෝඩයින් සිතාගෙන සිටින්නේ මේවා සුද්දන් ගෙන ආ කෝච්චි නිසා බිහි වූ බවයි. සුද්දන් ගෙන ආ කෝච්චි වලින් මිනිසුන්ගේ ලේ ඇට නහර ඇතුළට කිඳා බැස ඇති එවැනි ජනප්‍රවාද බිහි වේවිද කියා වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවන බුද්ධිමත් ඔබම සිතා බලන්න. කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගෙන් ණයට ගත් පරනවිතාන නැමැති කළු සුද්දා ලියූ ඉතිහාසය අපි කිසි සේත්ම පිළිගන්නේ නැත.
ලොව සිටින කිසිදු විද්‍යාඥයෙකුට ඒ සඳහා කිසිදු පැහැදිළි කිරීමක් දීමට නොහැකිව බලා සිටියත් අවසානයේදී නාසා ආයතනයේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය විලියම් හික්ස් (Prof. William Hicks) මහතා පහත දැක්වෙන කරුණු 4 මතු කර පෙන්වන ලද්දේය.
1. මෙම දුම්රිය මාර්ගය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඉදි කරන ලද්දක් වීම.
2. එය වර්තමානයේදී පෘථිවියේ ඇති තාක්ෂණයට සමාන එකක් වීම.
3. එපමණ කාලයකට පමණ පෙර කෝච්චි තාක්ෂණය තිබුණේ ලොව එකම ජාතියකට පමණක් වීම.
4. ඒ කාලයේදී පෘථිවියෙන් අඟහරු ග්‍රහයා වෙත යාමට හැකි වූයේද එම ජාතිකයින්ට පමණක් වීම
ඒ ජාතිය අන් කවරක්වත් නොව හෙළදිවේ සිටින හෙළයින් බවත්, ඉහත දුම්රිය මාර්ගය අඟහරු මත ඉදි කළේ ඒ ශ්‍රේෂ්ට ජාතියට නායකත්වය දුන් රවණා රජතුමා විසින් බවත් එතුමා ප්‍රකාශ කළේය.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
 

ලොව මවිත කල රොස්වෙල් අබිරහස

'



 ◄◄ The Roswell UFO Incident ►►

මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.

මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම විස්මයෙන් ඇළලී ගිය අතර පසුදින පුවත්පත් මගින් මෙම ගින්නට පිදුරු මිටි පිටින් දමා තිබුණි. රොස්වෙල් ඩේලි රෙකෝඩ්ස් පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “රොස්වෙල් හමුදා ක්ෂේත්‍ර බළකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ” යනුවෙනි. ඒ ජූලි 8 සවස පළවූ පුවත්පතෙහිය. ජූලි 9 වන දින පළවූ පුවත්පතට එම බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් රෝජර් රෑම් පවසා තිබුණේ අපූරු කතාවකි“රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද කතාවක්” ලෙස එහි පළ කර තිබුණි.

ඉන් වසර 65 කට පසු 2012 දී, හිටපු CIA විශේෂ නියෝජිතයෙකු විසින් රොස්වෙල් සිදුවීමේ අබිිරහස එළිකිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන ආකාරයට රොස්වෙල් ප්‍රාන්තය ඉහළ අහසේ එහාමෙහා ගොස් තිබුණේ UFO නොහොත් හඳුනා නොගත් පියාසර වස්තුවකි. නැතහොත් පියාඹන පීරිසියකි. නමුත් ඇමෙරිකානු රජය විසින්, එය කාලගුණ බැලුනයක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස අණ කර තිබිණි. මෙම සිදුවීම් අතර පියාඹන පීරිසියක් රොස්වෙල් වෙත කඩා වැටීමත්, ඒ සමගම එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමත් වැනි හේතු ජනතාවගේ කුකුස වැඩිකර ඇත. එමෙන්ම නියම සිදුවීම හෙළි නොකිරීම නිසා රටවල් අතර සීතල යුද්ධයක් හට ගැනීමට අර ඇදීමක් ද තිබූ බව ඔහු පවසයි. යානය කඩා වැටි ප්‍රදේශය, (AREA 51)“ 51 ප්‍රදේශය” ලෙස නම් කර, පර්යේෂණාගාරයක් ස්ථාපනය කර යානයේ සුන්බුන් පරීක්ෂාවට ලක්කර තිබේ.

යානය සාදා තිබූ අමුද්‍රව්‍ය පවා පෘථිවියෙන් සොයාගත හැකි නොවූ ද්‍රව්‍යයක් වූ අතර අද දක්වා එය අබිරහසක්ව පවතී. යානය තුළ තිබි හමු වූ වටිනාම වස්තූන් ලෙස ඔහු පවසන්නේ, අසාමාන්‍ය පෙනුමක් සහිත ජීවීන් දෙදෙනාය. එක් ජීවියකු මාරාන්තික තුවාල සහිතව සිටි බවත්, පසුව මියගිය බවත්, අනතුරින් මියගිය තවත් ජීවියෙකු එහි සිටි බවත් ඔවුන් දෙදෙනා ඉතා රහසිගත ලෙස පර්යේෂණ සඳහා භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ජීවීන් දෙදෙනා මියගිය පසු, විශාල පෙට්ටිවල අසුරන ලද මෘත ශරීර පිළිබඳව ඉන් පසුව කිසිම දිනක දැනගන්නට ලැබි නැත.

එම කාලයේ පළවූ පුවත්පත් වාර්තාවලින් ගැලවීගත නොහැකි වූ ඇමෙරිකානු රජය 1997 දී පමණ The Roswell Report නමින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව සාමාන්‍ය ගුවන් අනතුරක් පිළිබඳ වාර්තාවක් පමණක් වූ අතර එය ඔවුන්ගේ ප්‍රයෝගයක් පමණක්ම බවට පුවත්පත්වලින් තව තවත් චෝදනා එල්ල වන්නට විය.

තත්ත්වය මෙසේ තිබියදී, මියගිය අසාමාන්‍ය ජීවීන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, ඔවුන්ගේ මෘත ශරීරවලට කුමක් සිදුවීද යන්න සෙවීමත් තමා වෙත පවරාගත් පුවත්පත්, ඇමෙරිකා රජයට මහත් හිසරදයක්ව පැවැතිණි. CIA නියෝජිතයාගේ අදහසට අනුව නම් ඉහත කී මෘත ශරීර රැගෙන යාමට පසුකාලීනව පිටසක්වල යානා පැමිණ තිබේ. 51 ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළුන් සමග මිතුරු වූ පිටසක්වලුන් ඔවුන්ගේ මියගිය සගයන් වෙනුවට, සිය තාක්ෂණයෙන් බිඳක් පෘථිවි වැසියන්ට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.මියගිය ජීවීන් සහ පිටසක්වල තාක්ෂණයෙන් අංශු මාත්‍රයක් එකිනෙකා අතර හුවමාරු වූ පසු යන්නට ගිය පිටසක්වලුන් ඊට වසර පහකට පමණ පසුද 51 ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

20 වන සියවස මැද භාගයේ ඇමෙරිකානුවන් ළඟ තිබූ තාක්ෂණයෙන් F22, B2 වැනි ප්‍රහාරක යානා කිසිසේත්ම බිහිවිය නොහැකිය. රොස්වෙල් සිදුවීමෙන් වසර 3ක් යන්නට මත්තෙන් ඇමෙරිකාවෙන් බිහිවූ ඉහත කී යානා, නිර්මාණය කරන ලද්දේ එදා පිටසක්වලුන්ගෙන් ලබාගත් අංශු මාත්‍රයක් වූ
තාක්ෂණයෙන් බව ඔහු එකහෙලාම ප්‍රකාශ කරයි. එසේ නොවන්නට එවැනි යානා බිහිවිය හැකිව තිබුණේ 2050 වසරේ පමණ බව ඔහුගේ අදහසයි.

මෙම සිදුවීම පිළිබඳව සාක්ෂි එක් කරන ජනමාධ්‍ය යෝධ පියවරක් ඉදිරියට තබමින් 1995 දී වාර්තාගත වීඩියෝ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළහ. එහි සටහන්ව තිබුණේ කුඩා පර්යේෂණගාරයක් තුළ කාය ව්‍යවච්ජේදනයකට මුහුණ දී සිටින අසාමාන්‍ය ජීවීන් දෙදෙනෙකි. ජේ. ස්ටැන්ලි සහ ජැක් බානට් නම් මාධ්‍යවේදීන් දෙදෙනාගේ කැමරාවේ සටහන්ව තිබූ එම වීඩියෝ දර්ශන නිසා ඇමෙරිකානු රජයට සිය අබිරහස එළි වී ඇති බව දැනුනත්, ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ එම වීඩියෝ දර්ශන කුඩා දරුවන්ගේ මපට් දර්ශන පෙළක් බවයි. ඉන් නොනැවතුණ මාධ්‍යය, වීඩියෝ දර්ශන වඩාත් පැහැදිලි ලෙස ළං කර (Zoom in) බැලීමෙන් පසු, අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු 2ක් සොයාගැනීමට සමත් විය. ඉන් පළමුවැන්න වූයේ එම රසායනාගාරයේ, පර්යේණය සිදුකළ වෛද්‍ය විශේඥයන් කීපදෙනාගෙන් එක් අයකුගේ වෛද්‍ය කබායේ තිබූ අනන්‍යතා අංකයයි. එම අංකය සහිත වෛද්‍යවරයා සොයාගැනීමට ජනමාධ්‍ය විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණ ද ඔවුන්ට එම වෛද්‍යවරයා හමු වී නැත. අනිත් කාරණය වූයේ පර්යේණාගාරයේ බිත්තියක එල්ලා තිබූ දින දර්ශනයකි. වැදගත් කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රොස්වෙල් සිදුවීම් අබිරහස එළිකරගැනීමට උත්සාහ දැරූ ජනමාධ්‍යයට අවසානයේ සිදුවූයේ ඇමෙරිකානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමටය.

මේ ආකාරයට රොස්වෙල් පිළිබඳ එක් එක් කරුණ බැගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන හිටපු CIA විශේෂ නියෝජිතයා මේ වනවිට 89 හැවිරිදිය. ඔහු තම ප්‍රකාශයන් අතරතුර පවසන්නේ මෙම සිදුවීම් මාලාව එක් කනකින් අසා අනිත් කනෙන් පිටකර දැමීම ඉතාම යෝග්‍ය බවයි. “ඇමෙරිකන් රජය දැන්වත් සත්‍ය හෙළිකළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි. “එහෙම නැත්නම් ඔවුන් කියාවි, මේ කතාව අවුරුදු 89ක මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. අවුරුදු 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක. කවදාහරි රජයටත් එසේම වෙයි. එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු සුසුම් අතරින් පවසයි



රොස්වෙල්  අබිරහසේ දුර්ලබ චයාරුප 


'
'
 '
 '
 '