468x60 Ads

Showing posts with label දුර්ලබ චායාරූප. Show all posts
Showing posts with label දුර්ලබ චායාරූප. Show all posts

Friday, August 31, 2012

තම සිරුරට ගිනි තබාගෙන නොසෙල්වී සිටි හිමියන්

'

 තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්.

ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය.

ඉන් අනතුරුව වයස අවු 15 දී සාමනේරකෙනෙකු ලෙසින් පැවිදි ජීවිතය ආරම්භකර සිය නම තිච් ක්වාන්ග් ඩුක් ලෙසින් වෙනස්කර ගත්තෝය. වයස අවු 20 දී උපසම්පදාව ලත් ක්වාන්ග් හිමියන් ඉන් අනතුරුව Ninh Hòa කදු ආසන්නයේ වනගතව භාවනාවට යොමුවිය. ඉන් අනතුරුව හෙතෙම සිය මුළු ජීවිතයම බෞද්ධ සමය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලෝය.

වසර 1950, 1960 වියට්නාමයේ බෞද්ධ ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් විය. ඒ වන විට වියට්නාමයේ බෞද්ධ ජනතාවට එරට රෝමානු කතෝලිකයන්ගෙන් සිදුවන හිරිහැර එන්න එන්නම වැඩි විය. රෝමානු කතෝලික පල්ලි වියට්නාමයේ බිම් අත්කර ගනිමින් අන්‍යාගමික කරනය දැඩි විය.

1963 වසරේ වෙසක් දිනය තුළ බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ තහනමක් හා ඒ වෙනුවට වියට්නාම ධජය භාවිතා කිරීමට එරට රෝමානු කතෝලික අගරදගුරුගෙන් යෝජනාවීමත් සමග වියට්නාම බෞද්ධ ජනතාව පාරට බැස සිය අප්‍රසාදය පලකිරීමට පෙලඹිය. මේ සටනේදි පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ශයට පත් විය.

තත්වය මෙසේ තිබියදී ක්වාන්ග් හිමියන් පෙරමුන ගත්තෝය. හෙතෙම වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැරවලට විරෝධය පාමින් 1963 ජූනි 11 දින වියට්නාමයේ කාම්බොජ තානාපති කර්යලය සල කවාන්ග් හිමියන් භාවනායෝගී ඉරියව්වෙන් හිද සිය සිරුරට ගිනි තබාගෙන වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් සිය ජීවිතය කැපකලෝය. සිද්ධිය සිදුවන අවස්තාවේ එතැන සිටි ද නිව්යෝක් ටයිම් පුවත් පතේ පුවත්පත් වාර්තාකරුවෙක් වූ ඩේවිඩ් හැල්බ'ස්ටන් මෙසේ සදහන් කර තිබිණි.
"මම ඒ දර්ශනය දුටිමි. සිරුරෙන් ගිනිදළු නැගිනි. ඔහුගේ ශරීරය මලානිකව වෙව්ලීමට පටන් ගත්තේය. හිස කලු වීමට ඇරභිනි. වාතය මස් පිලිස්සෙන් ගදින් යුක්ත විය. මිනිස් සිරුර ඉතා ඉක්මනින් දැවිනි. වියට්නාමීන්ගේ විලාපය මට ඇසිනි. මම හැඩීමට නොහැකි තරම් කම්පනයටත්, ව්‍යාකූලත්වයටත් පත් වීමි. ඔහු දැවෙන තුරුත් කිසිදු විලාපයක්, එකදු මාංශ පේශියක චලනයක් වත් සිදු නොවීය."

දැවීමෙන් අනතුරුව බෞද්ධයන් ඔහුගේ අළු ඉවත් කිරීමේදී පුදුමයට පත්විය. ඒ ඔහුගේ හදවත නොදැවී පැවතීමය. (දකුණු පස රූපය) ඉන් අනතුරුව ඔවුන් එම හදවත තැන්පත් කට එම ස්ථානයේ ක්වාන්ග් හිමියන් වෙනුවෙන් ස්මාරකයක් සාදා වියට්නාම බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල හිමියන් වෙනුවෙන් ගරු කරති.

Thursday, August 23, 2012

රාවණා රජු

'
 
 
 රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි.

සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා වලින් කියවා ඇති. එසේනම් එවන් ශ්‍රේෂ්ට ජාතියකට අතිශය දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබුණ බවත් අරුමයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවූ ආකාරයට එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ කෝච්චි වලට වඩා අතිශය දියුණු කෝච්චි, රාවණ රජතුමාගේ ලංකාපුර රාජධානියේ තිබී ඇති බව දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. වර්ගපූර්ණිකාවේ බ්ලොගයේ මේ ලිපිය දිවෙන්නේ අපෙන් සැඟවූ ඒ රාවණ තාක්ෂණය සොයමිනි.
මීට මාසයකට පමණ පෙර පෙට්ටිපොළ ප්‍රදේශයේ ඉතාමත් රහසිගතව කරන ලද කැණීමකදී ඉපැරණි ලෝහමය වස්තුවක් හමු විය. එය දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 10 ක් පමණ සහ උසින්ද අඩි 10 පමණ විය. එය ඇතුළත කුහරයකි. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වී ඇත්තේ එය කෝච්චි මැදිරියක් බවයි. වැඩිදුරටත් පෙට්ටිපොළ ප්‍රදේශයේ කරන ලද ස්කෑන් කිරීම් වලදී පැහැදිළි වූයේ එවන් වස්තූන් තිහක් පමණ පොළොව අභ්‍යන්තරයේ මීටර් 400 කට පමණ යටින් ඇති බවයි.

අවසානයේදී එම කෝච්චි පෙට්ටිය කන්ටේනරයක බහා එංගලන්තයේ ලන්ඩන් සරසවියට යවා ඇත. ඊට හේතු ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එය සංරක්ෂණය කිරීමට බවයි. කඳින් හෙළදිවේ ජීවත් වුවත් හිතින් එංගලන්තයේ සිටින පරයින් අපගේ හෙළ ඉතිහාසයෙන් මතුවෙන වසර 35000 ක් පමණ පැරණි පාහියංගල ඇටසැකිල්ලක් පවා එංගලන්තයට යවද්දී කෝච්චි පෙට්ටියක් තියා ගනීවිද? අවසානයේදී අර ඇටසැකිල්ල එතරම් පැරණි නැති බවට කෙප්පයක් ගොතා කීමට ඉඩ තිබෙන අතර, කෝච්චි මැදිරියත් සුද්දන්ගේ කාලයේ එකක් බවට ගල් පැලෙන බොරුවක් කියාවි.

පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙටිටිය එංගලන්තයට යැවීමට පෙර කරන ලද පරීක්ෂණ වලට අනුව එය වසර ලක්ෂයකට වඩා පැරණියි. එසේම එය සාදා ඇති ලෝහය මෙතෙක් පෘථිවියේ ඇතැයි හඳුනාගත් ලෝහ වර්ගයක් නොවේ., ඒ අනුව හෙළයින් පිටසක්වල තාක්ෂණය භාවිතා කළ බවට නැවතත් ඔප්පු වෙයි. එසේම පෙට්ටිපොළ භූගතව ඇතැයි සැලකෙන කොච්චි පෙට්ටි අතර කෝච්චි එංජිමක්ද තිබූ අතර වැඩිදුරටත් ස්කෑන් කිරීමේදී, එය වර්තමානයේදී ධාවනය වන කෝච්චි එංජින් මෙන් නොව Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රසදිය යොදා ධාවනය කරන ලද්දක් බව පැහැදිළි විය. නමුත් අපගේ ඒ හෙළ තාක්ෂණය සහමුලින්ම වළලා දැමීමට බලධාරීන් කෲර වූයේ රාවණ රජතුමා කෙරෙහි ඇති ද්වේශය නිසාම නොවන්නේද?

පෙට්ටිපොළ නැමති ප්‍රදේශයේ සිටින වයෝවෘද්ධ ගැමියෙක් වන කළු ආතා නොහොත් හර්මානිස් අප්පුහාමිට අනුව පෙට්ටිපොළ ප්‍රදේශයේ රාවණා රජුට අයත් අබලන් වූ කෝච්චි පෙට්ටි ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් තිබී ඇත. මෙවන් ජනප්‍රවාදයන් ඉබේ ඇති වන්නේ නැත. පෙට්ටිපොළ යන නම දෙස මොහොතකට බලමු. පෙට්ටි+පොළ, යනු කෝච්චි පෙට්ටි නවතා තිබූ පොළ මිස අන් කවරක්ද? (වා+රිය+පොළ යනු දඬුමොණර යාත්‍රාංගනයක් වූවා සේ).

අතීතයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ කෝච්චි නැවතුම් පොළක් තිබූ බව දැන් අනාවරණය වී තිබේ. මැදිරිගිරිය යන්නේ පද නිරුක්තිය වන, මැදිරි=දුම්රිය මැදිරි, ගි=ගිය, රිය=රථය , අනුව එදා දුම්රිය මැදිරි හෙවත් කෝච්චි ගමන් කළ ප්‍රදේශයක් බව තහවුරු වෙයි.

ලොව ඉපැරණිම බස වන්නේ හෙළ බස බවත්, යුරෝපීයයන්ගේ ඉංග්‍රීසි බස පසුව පැමිණි බසක් බවත් ඔබ හොඳාකාරවම දනී. යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව කලින් වාක්‍යය පදනම්ව සිතාගැනීමට පුළුවන. ඒ අනුව සුද්දන්ට පෙර කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.

අතීතයේ හෙළ දිවේ පොත් ගුල් වල තිබූ හෙළ පුස්කොලපොත් පෙරළා සිය මව් රටට ‍රැගන ගිය සුද්දන් ඒවායෙන් කෝච්චි තාක්ෂණය සොරාගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොතක් වන කෝමාණශ්‍රාස්ත්‍රයේ රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි.

කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. කෝමාණශ්‍රාස්ත්‍රයට අනුව එදා කෝච්චි ගොස් ඇත්තේ පොළොවට අඩියක් පමන ඉහළිනි, ඒ ප්‍රතිගුරුත්ව තාක්ෂණය භාවිතා කිරීමෙනි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.

මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි විකුණන කඩයක් එම ප්‍රදේශයේ තිබී ඇත. ඒ බව ප්‍රදේශයේ තාමත් සිටින ඉපැරණි පුද්ගලයින් ජනකතාවක් ලෙස පවත්වාගෙන යයි.


මා හිතවත් මාරයා බ්ලොග් කරුවාගේ මිත්‍ර තාපස තුමෙක් කුණ්ඩලීනී යෝගයට සමවැදී බැලූ කල්හි පෙනී ගොස් ඇත්තේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය. ඔහු පවසන පරිදි එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්, විකිණීම කළෙත් අප හෙළුවන් විසින්ය. කොච්චිකඩේ ලෙස ඉහත දැක්වූයේ අද කොළඹ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ එකල තිබූ එම කෝච්චි අලවි සැලයි. තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළදිවෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය. එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චිකඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය. ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා හෙලි කිරීමට අප කටයුතු කරන්නෙමු.

රාවණා රජතුමාගේ සමයේ තිබූ කෝච්චි කඩ වල කෝච්චි අලෙවිය සඳහා සිටි වෙළඳ සේවකයින් වෙනමම විශේෂීකරණය වූ කුලයක් ලෙස හැඳින්වුණි. ඔවුන්ට "කෝච්චි මිනිසුන්" නම් විය. අදටත් ඔවුන්ගෙන් පැවත එන්නෝ සිටින අතර ඔවුහු අද හැඳින්වෙන්නේ "කොච්චි මිනිසුන්" ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිටීමෙන් මෙය තවදුරටත් පැහැදිළි වෙයි.

එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තො‍ටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ කෝච්චි විකිණීමේ කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චි කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.

රාවණ රජතුමාගේ කෝච්චි Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රේල් පීළි නොමැතිව පොළොවෙන් අඩියක් පමණ ඉහලින් ගමන් කළ බව කලින් පැවසුවෙමි. විශේෂත්වය වන්නේ ඒවා මහ මග ගමන් කිරීමයි. ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී. මේ බව ඉපැරණි පුස්කොළපොත් වල සඳහන් වී තිබේ.

අදටත් සුද්දන්ගේ දුම් කෝච්චි වල හූ නාදයක් ඇසෙන්නේ, අපගේ පැරණි හෙළ පුස්කොළපොත් වලට අනුව ඒවා ගොඩ නැගීමේදී නියමාකාරයෙන් MVE හඳුනාගැනීමට නොහැකි වුවත් සම්ප්‍රදායට ගරු කළ යුතු නිසාවෙනි.

අද කාලයේ පවා කෝච්චියේ තියා බස් වල පවා යන කොල්ලන් ජනාකීර්ණ ප්‍රදේශයක් දු‍ටු විට හූ තියන හැටි ඔබ දැක ඇති. ඔවුන් එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ හෙළ යක් ලේ ධාතුව තුළ අර පැරණි හෙළයින් කෝච්චියේ යන විට හූ තැබූ ආකාරය සටහන්ව ඇති නිසයි. නමුත් නාගරික ලුම්පත් පන්තියට අයත් කොල්ලන් එලෙස නොහැසිරෙන්නේ ඔවුන්ට හෙළයින්ගේ ලේ නොමැති නිසාවෙනි. එනිසා බස් වල කෝච්චියේ යන විට ජනාකීර්ණ ප්‍රදේශ වලදී හූ තියන කොල්ලන් දැක ඔවුන්ට පරිභව නොකරමු.

එසේම අතීතයේ හෙළුවෝ කෝච්චියේ යන විට පාරේ යන මගීන්ට අනතුරු ඇඟවීමට හූ කිව්වා කී ගමන් ඔබට මුවගට සිනහ නැගෙන්නේ එය නුසුදුසු දෙයක් බව සමාජගතවී තිබෙන නිසයි. නමුත් එදා වුන් කිසි සේත්ම කෝච්චි තුළ ගීත ගායනා නොකළ නිසා ඔවුන් දැනගත්තානම් අනාගත පරම්පරාව කෝච්චි වල බස් වල යනකොට සින්දු කියන බව, ඔවුන් බඩ අල්ලාගෙන හිනා වෙනු ඇත.

"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි. නමුත් නිර්ලජ්ජිතව අද බොහෝ උගතුන් යැයි කියාගන්නා මෝඩයින් සිතාගෙන සිටින්නේ මේවා සුද්දන් ගෙන ආ කෝච්චි නිසා බිහි වූ බවයි. සුද්දන් ගෙන ආ කෝච්චි වලින් මිනිසුන්ගේ ලේ ඇට නහර ඇතුළට කිඳා බැස ඇති එවැනි ජනප්‍රවාද බිහි වේවිද කියා වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවන බුද්ධිමත් ඔබම සිතා බලන්න. කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගෙන් ණයට ගත් පරනවිතාන නැමැති කළු සුද්දා ලියූ ඉතිහාසය අපි කිසි සේත්ම පිළිගන්නේ නැත.
ලොව සිටින කිසිදු විද්‍යාඥයෙකුට ඒ සඳහා කිසිදු පැහැදිළි කිරීමක් දීමට නොහැකිව බලා සිටියත් අවසානයේදී නාසා ආයතනයේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය විලියම් හික්ස් (Prof. William Hicks) මහතා පහත දැක්වෙන කරුණු 4 මතු කර පෙන්වන ලද්දේය.
1. මෙම දුම්රිය මාර්ගය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඉදි කරන ලද්දක් වීම.
2. එය වර්තමානයේදී පෘථිවියේ ඇති තාක්ෂණයට සමාන එකක් වීම.
3. එපමණ කාලයකට පමණ පෙර කෝච්චි තාක්ෂණය තිබුණේ ලොව එකම ජාතියකට පමණක් වීම.
4. ඒ කාලයේදී පෘථිවියෙන් අඟහරු ග්‍රහයා වෙත යාමට හැකි වූයේද එම ජාතිකයින්ට පමණක් වීම
ඒ ජාතිය අන් කවරක්වත් නොව හෙළදිවේ සිටින හෙළයින් බවත්, ඉහත දුම්රිය මාර්ගය අඟහරු මත ඉදි කළේ ඒ ශ්‍රේෂ්ට ජාතියට නායකත්වය දුන් රවණා රජතුමා විසින් බවත් එතුමා ප්‍රකාශ කළේය.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
 

ලොව මවිත කල රොස්වෙල් අබිරහස

'



 ◄◄ The Roswell UFO Incident ►►

මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි.

මෙම අනතුර නිසා රොස්වෙල් ප්‍රාන්තය නොව මුළු ඇමෙරිකාවම විස්මයෙන් ඇළලී ගිය අතර පසුදින පුවත්පත් මගින් මෙම ගින්නට පිදුරු මිටි පිටින් දමා තිබුණි. රොස්වෙල් ඩේලි රෙකෝඩ්ස් පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “රොස්වෙල් හමුදා ක්ෂේත්‍ර බළකාය පියාඹන පීරිසියක් අල්ලා ගෙන තිබේ” යනුවෙනි. ඒ ජූලි 8 සවස පළවූ පුවත්පතෙහිය. ජූලි 9 වන දින පළවූ පුවත්පතට එම බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් රෝජර් රෑම් පවසා තිබුණේ අපූරු කතාවකි“රොස්වෙල් පියාඹන පීරිසි කතාව ගොතන ලද කතාවක්” ලෙස එහි පළ කර තිබුණි.

ඉන් වසර 65 කට පසු 2012 දී, හිටපු CIA විශේෂ නියෝජිතයෙකු විසින් රොස්වෙල් සිදුවීමේ අබිිරහස එළිකිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන ආකාරයට රොස්වෙල් ප්‍රාන්තය ඉහළ අහසේ එහාමෙහා ගොස් තිබුණේ UFO නොහොත් හඳුනා නොගත් පියාසර වස්තුවකි. නැතහොත් පියාඹන පීරිසියකි. නමුත් ඇමෙරිකානු රජය විසින්, එය කාලගුණ බැලුනයක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස අණ කර තිබිණි. මෙම සිදුවීම් අතර පියාඹන පීරිසියක් රොස්වෙල් වෙත කඩා වැටීමත්, ඒ සමගම එම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමත් වැනි හේතු ජනතාවගේ කුකුස වැඩිකර ඇත. එමෙන්ම නියම සිදුවීම හෙළි නොකිරීම නිසා රටවල් අතර සීතල යුද්ධයක් හට ගැනීමට අර ඇදීමක් ද තිබූ බව ඔහු පවසයි. යානය කඩා වැටි ප්‍රදේශය, (AREA 51)“ 51 ප්‍රදේශය” ලෙස නම් කර, පර්යේෂණාගාරයක් ස්ථාපනය කර යානයේ සුන්බුන් පරීක්ෂාවට ලක්කර තිබේ.

යානය සාදා තිබූ අමුද්‍රව්‍ය පවා පෘථිවියෙන් සොයාගත හැකි නොවූ ද්‍රව්‍යයක් වූ අතර අද දක්වා එය අබිරහසක්ව පවතී. යානය තුළ තිබි හමු වූ වටිනාම වස්තූන් ලෙස ඔහු පවසන්නේ, අසාමාන්‍ය පෙනුමක් සහිත ජීවීන් දෙදෙනාය. එක් ජීවියකු මාරාන්තික තුවාල සහිතව සිටි බවත්, පසුව මියගිය බවත්, අනතුරින් මියගිය තවත් ජීවියෙකු එහි සිටි බවත් ඔවුන් දෙදෙනා ඉතා රහසිගත ලෙස පර්යේෂණ සඳහා භාවිත කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ජීවීන් දෙදෙනා මියගිය පසු, විශාල පෙට්ටිවල අසුරන ලද මෘත ශරීර පිළිබඳව ඉන් පසුව කිසිම දිනක දැනගන්නට ලැබි නැත.

එම කාලයේ පළවූ පුවත්පත් වාර්තාවලින් ගැලවීගත නොහැකි වූ ඇමෙරිකානු රජය 1997 දී පමණ The Roswell Report නමින් විශේෂ වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව සාමාන්‍ය ගුවන් අනතුරක් පිළිබඳ වාර්තාවක් පමණක් වූ අතර එය ඔවුන්ගේ ප්‍රයෝගයක් පමණක්ම බවට පුවත්පත්වලින් තව තවත් චෝදනා එල්ල වන්නට විය.

තත්ත්වය මෙසේ තිබියදී, මියගිය අසාමාන්‍ය ජීවීන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, ඔවුන්ගේ මෘත ශරීරවලට කුමක් සිදුවීද යන්න සෙවීමත් තමා වෙත පවරාගත් පුවත්පත්, ඇමෙරිකා රජයට මහත් හිසරදයක්ව පැවැතිණි. CIA නියෝජිතයාගේ අදහසට අනුව නම් ඉහත කී මෘත ශරීර රැගෙන යාමට පසුකාලීනව පිටසක්වල යානා පැමිණ තිබේ. 51 ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළුන් සමග මිතුරු වූ පිටසක්වලුන් ඔවුන්ගේ මියගිය සගයන් වෙනුවට, සිය තාක්ෂණයෙන් බිඳක් පෘථිවි වැසියන්ට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.මියගිය ජීවීන් සහ පිටසක්වල තාක්ෂණයෙන් අංශු මාත්‍රයක් එකිනෙකා අතර හුවමාරු වූ පසු යන්නට ගිය පිටසක්වලුන් ඊට වසර පහකට පමණ පසුද 51 ප්‍රදේශයට ඉහළ අහසේ සැරිසැරූ බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

20 වන සියවස මැද භාගයේ ඇමෙරිකානුවන් ළඟ තිබූ තාක්ෂණයෙන් F22, B2 වැනි ප්‍රහාරක යානා කිසිසේත්ම බිහිවිය නොහැකිය. රොස්වෙල් සිදුවීමෙන් වසර 3ක් යන්නට මත්තෙන් ඇමෙරිකාවෙන් බිහිවූ ඉහත කී යානා, නිර්මාණය කරන ලද්දේ එදා පිටසක්වලුන්ගෙන් ලබාගත් අංශු මාත්‍රයක් වූ
තාක්ෂණයෙන් බව ඔහු එකහෙලාම ප්‍රකාශ කරයි. එසේ නොවන්නට එවැනි යානා බිහිවිය හැකිව තිබුණේ 2050 වසරේ පමණ බව ඔහුගේ අදහසයි.

මෙම සිදුවීම පිළිබඳව සාක්ෂි එක් කරන ජනමාධ්‍ය යෝධ පියවරක් ඉදිරියට තබමින් 1995 දී වාර්තාගත වීඩියෝ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කළහ. එහි සටහන්ව තිබුණේ කුඩා පර්යේෂණගාරයක් තුළ කාය ව්‍යවච්ජේදනයකට මුහුණ දී සිටින අසාමාන්‍ය ජීවීන් දෙදෙනෙකි. ජේ. ස්ටැන්ලි සහ ජැක් බානට් නම් මාධ්‍යවේදීන් දෙදෙනාගේ කැමරාවේ සටහන්ව තිබූ එම වීඩියෝ දර්ශන නිසා ඇමෙරිකානු රජයට සිය අබිරහස එළි වී ඇති බව දැනුනත්, ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ එම වීඩියෝ දර්ශන කුඩා දරුවන්ගේ මපට් දර්ශන පෙළක් බවයි. ඉන් නොනැවතුණ මාධ්‍යය, වීඩියෝ දර්ශන වඩාත් පැහැදිලි ලෙස ළං කර (Zoom in) බැලීමෙන් පසු, අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු 2ක් සොයාගැනීමට සමත් විය. ඉන් පළමුවැන්න වූයේ එම රසායනාගාරයේ, පර්යේණය සිදුකළ වෛද්‍ය විශේඥයන් කීපදෙනාගෙන් එක් අයකුගේ වෛද්‍ය කබායේ තිබූ අනන්‍යතා අංකයයි. එම අංකය සහිත වෛද්‍යවරයා සොයාගැනීමට ජනමාධ්‍ය විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණ ද ඔවුන්ට එම වෛද්‍යවරයා හමු වී නැත. අනිත් කාරණය වූයේ පර්යේණාගාරයේ බිත්තියක එල්ලා තිබූ දින දර්ශනයකි. වැදගත් කාරණා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රොස්වෙල් සිදුවීම් අබිරහස එළිකරගැනීමට උත්සාහ දැරූ ජනමාධ්‍යයට අවසානයේ සිදුවූයේ ඇමෙරිකානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමටය.

මේ ආකාරයට රොස්වෙල් පිළිබඳ එක් එක් කරුණ බැගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන හිටපු CIA විශේෂ නියෝජිතයා මේ වනවිට 89 හැවිරිදිය. ඔහු තම ප්‍රකාශයන් අතරතුර පවසන්නේ මෙම සිදුවීම් මාලාව එක් කනකින් අසා අනිත් කනෙන් පිටකර දැමීම ඉතාම යෝග්‍ය බවයි. “ඇමෙරිකන් රජය දැන්වත් සත්‍ය හෙළිකළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි. “එහෙම නැත්නම් ඔවුන් කියාවි, මේ කතාව අවුරුදු 89ක මහල්ලෙකුගේ උමතු කතාවක් විතරයි කියලා. අවුරුදු 89ක් වුණු මට සිද්ධ වුණේ මගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරි වුණු එක. කවදාහරි රජයටත් එසේම වෙයි. එදාට මේ අබිරහස හරි අපූරුවට විසඳෙයි” ඔහු සුසුම් අතරින් පවසයි



රොස්වෙල්  අබිරහසේ දුර්ලබ චයාරුප 


'
'
 '
 '
 '
 

Friday, June 15, 2012

අතිශය දුර්ලභ ශ්‍රී දළදා වහන්සේ වන්දනාකිරීමේ ඡායාරූපයක්.

'
 අතිශය දුර්ලභ ශ්‍රී දළදා වහන්සේ වන්දනාකිරීමේ ඡායාරූපයක්...........

අපේ තාක්ෂණය

'
 
 
 1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
 

1969 දි හදගමන දිණමින පත්තරේ වාර්තකලේ මෙහෙමයි.

'
 1969 දි හදගමන දිණමින පත්තරේ වාර්තකලේ මෙහෙමයි.

කොච්චර ලස්සනද බලන්ඩකෝ?

ශ්‍රද්ධාව

සත්ව කරුණාව

සීලව තෙරුන්ගේ ගාථා




සීලව තෙරුන් ගේ ගාථා.....

මේ බුදුසසුනේ පුහුණු කරන්ට ඕනෑ සීලයමයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත් සියළු සම්පත් ලැබෙනවා.

නුවණ තියෙන කෙනා සිල් රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රසංශාව, ධන ලාභය, වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම.

සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුශ්ශීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන් ගෙන් ඈත් වෙනවා.

දුශ්ශීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සෙ ගුණ කථාවත් ප්‍රශංසාවත් ලබනවා.

මුලින්ම පිහිට වෙන්නෙ ශීලයයි. ශීලය කියන්නෙ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේ දෙයක්. සියළු ගුණ ධර්ම වල ප්‍රමුඛයා ශීලයයි. එනිසා ශීලය පිරිසිදුව තබා ගන්ට ඕනෑ.

සිත මහ මුහුද නම් ශීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන ශීලය හැම බුදුවරුන්ගේම පුන්‍ය තීර්ථයයි. ඒ නිසා ශීලය පිරිසිදුව තියෙන්නට ඕනෑ.

ශීලය කියන්නෙ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.

ශීලය කියන්නෙ මහේශාක්‍ය පාලමක්. අති උතුම් සුවඳක්. දස දිශාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නෙ ශීලයටයි.

ශීලය කියන්නෙ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.

ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදී ත් අපායෙ ඉපදිලා දුක් විදින්ට සිදුවෙනවා. ශීලයක් නැති, එකඟ වූ සිතක් නැති, අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා.

ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේ දී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කර ගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා.

මේ ශාසනයේ ශීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දෙය ප්‍රඥාවයි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් ශීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්ට පුළුවනි.

මේ වනාහී අයුෂ්මත් සීලව නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ථේරී ගාථා) - පූජ්‍ය කිරිබක්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


Tuesday, June 12, 2012

මේ මොකක්ද දන්නවද?

'



මේ  තමයි  අපි කව්රුත් දන්නා අපගේ  පුජනිය රුවන්වැලි මහා සැය ,, අදුර ගන්නවත බැහැනේ , මේ එය ප්‍රතිසංස්කරණය කරන්න පෙර තිබු ආකාරයි,,,,, තව දුර්ලබ චායාරුප අප ඔබ වෙනුවෙන් තවත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ