468x60 Ads

Monday, June 18, 2012

වසර 12,000ක් පැරැණි ඇටසැකිල්ලක් බුලත්සිංහල පාහියන් ලෙන් විහාර භූමියෙන් හමුවේ


වසර 12,000ක් පැරැණි ඇටසැකිල්ලක් බුලත්සිංහල පාහියන් ලෙන් විහාර භූමියෙන් හමුවේ

අවුරුදු 12,000 පැරැණි පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් දකුණු ආසියාවේ විශාලතම ලෙන වු බුලත්සිංහල පාහියන් ලෙනෙන් හමු වෙයි.

ශ්‍රී ලංකාවේ ලෙනෙකින් මෙතරම් පැරැනි පූර්ණ ඇටසැකිල්ලක් හමුවූ පළමු අවස්ථාව මෙය බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය.

ආචාර්ය ශිරාන් දැරණියගලයන්ගේ මාර්ගෝපදේශනය යටතේ පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ සිදුවූ මේ ලෙන් කැණීම් නවීන තාක්ෂණික ක්‍රමශිල්ප යටතේ සිදුකිරීමට මේ වසරේ පෙබරවාරි මසදී ආරම්භ කරන ලද්දකි. මීට වසර විස්සකට පෙරදීද පාහියන් විහාර ලෙනෙන් මිනිස් අවශේෂ ලැබුණද මෙවැනි සම්පූර්ණ ඇටසැකිල්ලක් ලැබුණි මුල්ම අවස්ථාව මෙය බව ආචාර්ය නිමල් පෙරේරා කීවේය.

බලන්ගොඩ මානවයා හෙවත් නූතන මානවයාගේ ඇටසැකිල්ලක් මෙලෙස හමුව ඇති අතර ලෙන් පොළෝ මට්ටමින් මීටර් එකහමාරක් යටදී මතුවූ ඇටසැකිල්ල වකුටු වූ ස්වරූපයකින් වළක තැන්පත් කර තිබුණක් ලෙස හඳුනාගත හැකි බව මේ පර්යේෂන ව්‍යාපෘතු භාර නිලධාරී ඔෂාන් වෙදගේ හා විශ්‍රාමික කැණීම් නිලධාරී ඇල්ෆ්‍රඩ් ද මැල් පැවැසූහ. 

මේ විහාර ලෙනේ 1986 දී කරනු ලැබූ කැණීම්වලදී අවුරුදු 37,000 පැරැණි මානව අවශේෂ ලැබී ඇති අතර,වසර 5500 සිට වසර 28500ක් දක්වා කාලයන්ට අයත්වන හිස්කබල් 5ක්ද හමුවී ඇත

No comments:

Post a Comment